කොළඹ ජල සැපයුම ගැන දැනුම්දීමක්.!


 මේ වනවිට කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු වලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ ක්‍රියා කිරීමේ ගැටලු මතුවුවහොත් කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරයි.

සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ,

“අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් අනතුර ඇඟවීම් කරලා තියෙනවා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතිනවා කියලා.

යම් ප්‍රමාණයකට තවත් අඩි 07කට 8කට ආසන්න ප්‍රමාණයකට ජල මට්ටම ඉහළ ගියහොත් අපිට අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවෙනවා.

එහෙම වුණොත් තමයි කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වෙන්නේ. අපි පුළුවන් තරම් උත්සහා කරන්නේ ඒ තත්ත්වය මැඩ පවත්වා ගන්න.” 

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post