Ticker

6/recent/ticker-posts

අනුරාධපුර වන්දනාවේ ගිය බස් ‍රථයක් ගිනි ගනී


 මහනුවර, ගල්පොල ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් කාර්මික දෝෂයන් නිසා හදිසි ගින්නකින් බස් රථය සම්පූර්ණව විනාශ වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වන්දනාවේ පැමිණි මෙම බස් රථය අනුරාධපුර, ගල්කුළම හන්දියේදී කාර්මික දෝෂයක් හටගෙන ගිනි ගෙන ඇති බවයි.


මෙම අවස්ථාවේදී අවට ජනතාව හා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.


බස් රථය සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී තිබෙනවා.


මෙම බස් රථයේ මගින් එකොළොස් දෙනෙකු පැමිණි ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments