Ticker

6/recent/ticker-posts

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි

 


පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.


ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


එමෙන්ම අදාළ විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments