ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සුරූපී උප නායිකාව වන ස්මිත්‍රි මන්දනාගේ ජීවිතය ගැන මේ දවස්වල ලොකු කතාවක් යනවා. ඇගේ සහ සංගීත නිර්මාණ ශිල්පී පලාෂ් මුචල්ගේ විවාහය ගැන තමයි හැමෝම කතා කරන්නේ.
ස්මිත්‍රි මන්දනා ඉරිදා සමාජ මාධ්‍යයේ කරපු ප්‍රකාශයෙන් තමයි මේ ආරංචිය ලෝකයටම කිව්වේ.
"පසුගිය සති කිහිපය තුළ, මගේ ජීවිතය වටා බොහෝ කරදර පැවතුණා. මේ අවස්ථාවේ මට කතා කිරීම වැදගත් යැයි මට හැඟෙනවා. මම ඉතා පෞද්ගලික පුද්ගලයෙක්, මම එය එලෙසම තබා ගැනීමට කැමතියි. නමුත් මගේ විවාහය අවලංගු කර ඇති බව මම කියන්න ඕන"
ඇගේ මේ කඳුළු පිරුණු ප්‍රකාශයෙන් පැහැදිලි වුණේ, නොවැම්බර් 23 වැනිදාට සූදානම් කරලා තිබුණු මේ සුරංගනා විවාහ උත්සවය දැන් සම්පූර්ණයෙන්ම නවත්වලා කියලයි.
ස්මිත්‍රි මන්දනාගේ මේ පුවතට පසුව, ඇගේ හිටපු පෙම්වතා වන පලාෂ් මුචාල් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් නිකුත් කර තිබුණා.
“මම මගේ ජීවිතයේ ඉදිරියට යාමට සහ මගේ පෞද්ගලික සම්බන්ධතාවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තෙමි. මට වඩාත්ම කැමති දෙයක් පිළිබඳ පදනම් විරහිත කටකතා වලට මිනිසුන් ඉතා පහසුවෙන් ප්‍රතිචාර දක්වනු දැකීම මට ඉතා අපහසු වී ඇත."
පලාෂ් තවදුරටත් කියා තිබුණේ, මෙය ඔහුගේ ජීවිතයේ දුෂ්කරම අවධිය බවත්,සත්‍ය නොවන ඕපාදූප මත පදනම්ව ඔවුන් විනිශ්චය නොකරන ලෙසත් ඉල්ලීමක් කරන බවයි.
පසුගිය නොවැම්බර් 23 විවාහ දිනයට පෙර, මන්දනාගේ පියා රෝහල් ගත කිරීම නිසා විවාහය කල් දැමීමට සිදු වුණා. ඉන් ටික කලකට පසු පලාෂ් මුචල්ටත් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වූ බවට ආරංචි පැතිර ගියා. මේ අවාසනාවන්ත සිදුවීම් මාලාව ඔවුන්ගේ සම්බන්ධයට බලපෑවාද යන්න පැහැදිලි නැත.
29 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩිකාව අවසානයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේදී පවුල් දෙකෙහිම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, තමන්ගේ ගමන ඉදිරියට යාමට ඉඩ දෙන ලෙසත්ය.
ඒ කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝලීන්ගේ සිත් ගත් මේ ආදර කතාව මෙලෙස අවසන් වීම ඇත්තටම කනගාටුදායක ආරංචියක්.
✅✅✅✅✅✅✅✅✅✅
