Ticker

6/recent/ticker-posts

නායයෑමේ අවදානමක් හේතුවෙන් රෝහලක් වසා දමයි.!

 


නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශිය රෝහල තාවකාලිව වසා දැමූ බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම රෝහලට ඉදිරියෙන් ඇති නමුණුකුළ කන්දේ බෑවුම් ප්‍රදේශයෙන් මෙම රෝහලට නාය අවදානමක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ අභයපුර ප්‍රජා ශාලාවේ භාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කරයි.

තවද රෝහලේ අවදානම් තත්ත්වය පිළිබඳව තවදුරටත් පරීක්ෂා කර රෝහලේ කොටසක් හෝ මෙම ස්ථානයේම පවත්වාගෙන යාම පිළිබඳව අවදානය යොමුවී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments