ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ. සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතය.
අන්තරාදායක රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනුනේ අනතුරෙන් පැය 17කට පමණ පසුවය.
රන්වල බීල නෑ – දිනමිණ
අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් විවිධ ප්‍රචාර සිදු කර තිබුණ ද, ඔහු බීමතින් සිට නොමැති බව විමර්ශනවලදී හෙලිවී ඇති බව දිනමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
25 හැවිරිදි කතගේ මුහුණට තුවාල ; සයමස් දැරියගේ හිසේ ගෙඩියක් ; වියපත් කතගේ කකුළ කැඩිලාමේ අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත්, අනතුරට ලක්වූ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සමඟ කුඩා බිළිඳකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබිණි.තුවාල ලැබූ සයමස් හැවිරිදි දැරිගේ හිසේ ගෙඩියක් මතුව ඇති බවත්, ඇගේ 25 හැවිරිදි මවගේ නළලට තුවාල සිදුව ඇති බවත්, එහි ගමන් ගත් 55 හැවිරිදි කාන්තාවගේ කකුලේ අස්ථියක් බිඳී ඇති බවත් වාර්තා වේ. ඇය දැරියගේ මිත්තනිය බව ද වාර්තා වේ.
කාන්තාවන් දෙදෙනාටම ශෛල්‍යකර්ම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
අනතුර සිදුවීමෙන් පසුව රන්වල මහතාට ද කෙලින් සිට ගැනීමට හෝ නොහැකිව රෝදපුටුවකින් රැගෙන ගොස් රෝහල්ගත කර ඇති බව පැවසේ.

0 Comments