හෙට කොළඹට දැඩි ආරක්ෂාවක්

 


2026 නව වසර උදාව සැමරීම සඳහා කොළඹ නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙනුවෙන් හෙට සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම වැඩපිළිවෙලට සමගාමීව හෙට සිට කොළඹ නරගයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි.


පෙර වසරවලදී මෙන්ම එළඹෙන 2026 නව වසරේ උදාව සැමරීම සඳහාද පිට පළාත්වලින් විශාල ජනතාවක් කොළඹ නගරය වෙත පැමිණෙනු ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොළඹ නගරයේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සහ පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.


කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස්වසම් ආශ්‍රිතව අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව අපේක්ෂා කරන බැවින් එවැනි අවස්ථාවලදි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා.


ඒ අනුව ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීමේදී -එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට හැරී බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට රථවාහන ධාවනය කළ යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.


ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථ වාහන සඳහා බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීමට අවසර හිමිවනවා.

ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට රථවාහන ඇතුළු කිරීමට අවසර හිමි වන්නේ නැහැ.


බාලදක්ෂ මාවතේ අතුරු මාර්ගවලින් පැමිණෙන සියලු වාහනවලට දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹ නගරයෙන් පිටවිය හැකි අතර, ගාලු මැද පාරට අතුරු මාර්ගවලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන්. එස්. ඒ. වටරවුම දෙසින් ධාවනය කළ යුතු බව පොලිසිය දැනුම් දෙනවා.


මේ අතර තාවකාලිකව මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳ අවස්ථානුකූලව දැනුම්වත් කරන බවත් පොලිසිය දැනුම් දෙනවා.


ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ග අවහිර වන ලෙස කිසිඳු වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර, රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද පොලිස් නිවේදනයේ දැක්වෙනවා.


මෙම රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් යෙදවීමට පියවර ගෙන ඇති අතර, කොළඹට පැමිණෙන රථවාහන මුදල් අයකිරීමකින් තොරව නවතා තැබීම සඳහා ස්ථාන වෙන් කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

මේ අතර මුදල් අයකිරීමේ පදනම මත ද රථගාල් කිහිපයක් වෙන් කිරිමටද පියවර ගෙන තිබෙනවා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post