පළාත් තුනක විශේෂ පරික්ෂාවක් - දැනටමත් කඳු සීයක ජනතාව ඉවත් කරලා


 මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංවිධානයේ විශේෂඥයන්ගේ හිඟයක් පවතින බැවින් මෙම කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ සිසුන්ද ජල සම්පත් මණ්ඩලය ඇතුළු වෙනත් ආයතනවල විශේෂඥයන් සම්බන්ධ කරගැනීමට එම සංවිධානය අපේක්ෂා කරයි.

මෙහිදී ජනතාව පදිංචිව සිටින සහ ආශ්‍රිතව සිටින කඳු පන්ති විශේෂයෙන් ඉලක්ක කෙරෙන බව සඳහන්.

එමෙන්ම කඳුනාය යෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කඳු පන්ති මෙසේ පූර්ණ පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසුව ජනතාව ඒවායේ පදිංචියට යොමු කිරීමට කටයුතු කෙරෙන බව දන්වා ඇත.

මේ අතර ආරක්ෂාව සැලකිල්ලට ගෙන කඳු පන්ති සියයකින් පමණ ජනතාව දැනටමත් ඉවත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post