දැඩි වර්ෂාවත් එක්ක ඇති වුණු ගංවතුර සහ ආපදා තත්ත්වය නිසා සමහර දරුවන්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත (NIC) හෝ අනන්‍යතාව තහවුරු කරන ලේඛන අහිමි වෙලා තියෙනවා.
මේ නිසා විභාග ශාලාවට යන්න බයෙන් ඉන්න දරුවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.
ඔබේ හැඳුනුම්පත නැති වුණා කියලා විභාගය අතහරින්න එපා. ඒ වෙනුවට මේ දේ කරන්න.
ඔබගේ තැපැල් හැඳුනුම්පත් ප්‍රමාණයේ (Passport size) ඡායාරූප දෙකක් සූදානම් කරගන්න.එම ඡායාරූප දෙක ග්‍රාම නිලධාරීවරයා හෝ නියමිත බලයලත් නිලධාරියෙකු ලවා සහතික කරවා ගන්න.අදාළ විෂයන් සඳහා පෙනී සිටීමේදී එම සහතික කළ ඡායාරූප ඉදිරිපත් කර ඔබගේ අනන්‍යතාව සනාථ කිරීමට දැන් අවස්ථාව තිබෙනවා.
මේ සහනය හිමිවන්නේ දැනට පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සිසුන් සඳහා පමණයි. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්නේ නැතුව,ධෛර්යයෙන් යුතුව ඉතිරි විභාග ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙන්න.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments