Ticker

6/recent/ticker-posts

“එහෙම කිව්වම මගේ හිතට දැනෙන දේ මම ඇරෙන්න කවුරුත් දන්නේ නෑ” ආදරණීය අම්මාට කවී මේ කියන්නේ මොකක්ද..?

 


දුවෙක්ට ඇයගේ ජීවිතයේ වැඩිපුරම දැනෙන චරිතය තමයි ඇගේ ආදරණීය අම්මා.

කවීට වගේම ඒක මේ ලෝකේ ඕනම කෙනෙක්ට පොදුවුණු දෙයක්.


ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා එරන්දතී මුදුන්කොටුව, එහෙම කිව්වම ඇයව නොදන්නේ කවුද..? ඇයගේ හඬ වගේම ඇයගේ ඒ ආදරණීය රුවත්, ඒ තරම්ම ප්‍රසන්නයි.


අද සමිතාගේ ජීවිතයට ගොඩක් විශේෂ වුණු දවසක්. ඒ ඇයි කියලා දන්නවාද? අද තමයි ඇයගේ උපන්දිනය, දැන් ඒ දවස ඇයට මොන වගේ දැනුනත් සමිතාට ගොඩක් ආදරය කරන ඇයගේ පවුලේ අයට මේ දවස අමතක කරන්නම බැරි දවසක් බවට පත්වෙලා.


ඔන්න ඉතින් ඒ ලස්සන දවසේ සමිතාගේ ආදරණිය දෝණි මෙන්න මේ වගේ සටහනක් ඇයගේ මුහුණු පොතට එක්කරලා තිබුණා.

“මගෙ අම්මි ට සුබ ම සුබ උපන්දිනයක් වේවා!ඔය ලස්සන ට මට කවමදාවත් ම ලං වෙන්න බෑ, වෙන්න ඕනෙ ත් නෑ, ඔයා විතරක්ම එහෙම හිටියම මට ඇති… ඒ, ඒ රූපේ මට දවස් ගනන් ඉටි රූපයක් බලන් ඉන්නවා වගේ බලන් ඉන්න පුලුවන් නිසා..ගොඩක් අය මාව හම්බුනාම කියන දෙයක් තියෙනවා සමහර වෙලාවට. ඒ තමයි… “ඔයාට වඩා අම්මා ලස්සනයි, තරහ වෙන්න එපා කවී”, කියලා…එහෙම කිව්වම මගෙ හිතට දැනෙන දේ මම ඇරෙන්න කවුරුත් දන්නේ නෑ…


මම අද ඔයාලා ට කියන්නං මට දැනෙන දේ…මට දැනෙන ලොකුම දේ…“දෙයියනේ, මම මේ වගේ රූපයක් තියෙන මනුස්සයෙක් ගෙ බන්ඩි එකෙන් නෙ ආවේ, මට කොච්චර ආඩම්බරයක් ද ඒක”, කියලා..තව ලස්සන කතාවක් මගේ මම්මා කියනවා.


එයා ඉස්සර කියනවා, දෙවියෝ හරි ලස්සනට මවපු රූපයක් මගේ දුවට තියෙන්නේ කියලා, අම්ම ගෙ මූණ අල්ලගෙන…ඉතින් ඒකම තමයි මටත් කියන්න තියෙන්නේඔයා තරම් ලස්සන රූපයක් මම දැකලා නෑ මගෙ අම්මී.ඉතින් මගේ ලස්සන අම්මි ට තව තවත් ලස්සන වෙලා, තව තවත් ලස්සන සිංඳු හදලා අපි එක්ක සතුටින්, ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ…ආදරෙයි මගෙ අම්මී!බුදුසරණයි!-අක්කී-“


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments