Ticker

6/recent/ticker-posts

මේ සේවිකාවන් ප්‍රවාහනය කරන බස්රථ විශේෂ පරීක්ෂාවකට

 


ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක කාර්යාලය සහ ගාල්ල කොට්ඨාශ රථ වාහන අංශය එක්ව කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පරීක්ෂාවක්  (12) පැවැත් විය.

මෙම පරීක්ෂාව දී බස් රථ 68ක් පරීක්ෂා කර තිබේ.ඒ අතර ධාවනයට නොසුදුසු තත්වයේ තිබූ බස් රථ 36කට තහනම් නියෝග නිකුත් කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ, මෙම බස් රථවල චැසි දිරාපත්වී තිබීම, පාපුවරු කඩා වැටීම, විවිධ නාද රටා සහ විවිධ වර්ණ විදුලි බුබුළු සවිකර තිබීම, තිරිංග පද්ධති නිසි ලෙස ක්‍රියා නොකිරීම, සහ පීඩාකාරි ලෙස අමතර උපාංග සවි කිරීම වැනි තත්ත්වයන් නිසා තහනම් නියෝග නිකුත් කිරීමට සිදුවු බවය.

ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්ගේ උපදෙස් යටතේ, කොට්ඨාශ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් ඇතුළු නිලධාරින් සහ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක සිසිර පුෂ්ප කුමාරගේ මාර්ගෝපදේශන යටතේ මෝටර් රථ පරීක්ෂකවරුන් වන මංජුල වික්‍රමතිලක සහ දුලිප් නිශාන්ත විසින් මෙම පරීක්ෂාව සිදුකරනු ලැබීය.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments