Ticker

6/recent/ticker-posts

අයහපත් කාලගුණය නොතකා ඉන්දීය යාත්‍රා මෙරට මුහුදු සීමාවට

 


ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් මුලතිව් මුහුදු තීරයට ඇතුළු වී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම නිරතව සිටි බවට උතුරේ  ධීවරයන් චෝදනා කරයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන මුහුදු නොයන ලෙස මෙරට ධීවරයන්ට උපදෙස් දී ඇති පසුබිමක ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇත.

මේ වනවිට මුලතිව් ඇතුළු මුහුදුබඩ ප්‍රදේශවල කැළඹිලි සහිත තත්ත්වයක් නිර්මාණය වි ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මෙරට කිසිදු ධීවරයෙකු මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරත වී නොමැත.

ඒ හේතුවෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මුලතිව් මුහුදු තීරයේ කිලෝමීටරයක් ​​පමණ ආසන්නයටම පැමිණ මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතවී ඇත.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments