තරුණ හීන බොඳ කරන, යකඩ හීන.. දෙදෙනෙකුගේ සිහින අහිමි කළ, යතුරු පැදි අනතුර..

 


මේ තවත් මාරක අනතුරක් ගැන ඇහෙන කතාවක්..

පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව බෝධිරාජපුර මාර්ගයේදී ඊයේ (13) මධ්‍යම රාත්‍රීයේදී යතුරුපැදි දෙකක් ගැටි සිදුවු මාරක අනතුරකින් 16 හැවිරිදි දරුවෙකු හා දෙදරු පියකු මරණයට පත්ව ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මධ්‍යම අට්විල්ලුව පදිංචි උපුල් කුමාර නමැති 36 හැවිරිදි දෙදරු පියකු හා එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි දහම් නිම්සර නමැති පාසල් ශිෂ්‍යයෙක්.

අනතුරට ලක්ව මරණයට පත්වු දරුවා ඔහුගේ පියා හා සොහොයුරා සමග ප්‍රදේශයෙ අවමංගල උත්සවයකට සහභාගි වී ආපසු නිවෙස බලා ගමන් කරමින් සිට ඇති බවත් අනෙක් යතුරුපැදිය පැදවූ දෙදරු පියා ද එම ප්‍රදේශයේම අවමංගල්‍ය උත්සවයකට සහභාගි විමට යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇති බවත් පොලිසිය පවසනවා.

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටිමේන් බරපතල තුවාල ලැබු තුවාලකරුවන් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහිදි දෙදරු පියා ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබුණා.

ඒ සමගම බරපතල තුවාල ලබා සිටි 16 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මරණයට පත්ව සිටි බව පොලිසිය පවසනවා.

අනතුරින් මරණයට පත්වු දෙදෙනාම මධ්‍යම අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණ පුත්තලම මූලික රෝහලේදි හා කොළඹ ජාතික රෝහලේදි සිදුකිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ නිලධාරින් පරික්ෂණ ආරම්භ කර තිබුණා

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post