ඩුබායි, සාජාහි සේවය කළ දීලක පෙරේරා නැමැති 23 හැවිරිදි ලාංකික තරුණයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇත.
දින දෙකකට පෙර ඔහු සාජාහි මහල් නිවාසයක් අසල බිම වැටී තුවාල ලබා සිටියදී එරට ආරක්ෂක අංශ මගින් රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇත.
තරුණයා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු මීට වසරකට පමණ පෙර ඩුබායිහි රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලබන සඳුදා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් තරුණයාගේ මියායාම සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට මැදිහත්වන ලෙස ඥාතීන් බලධාරින්ට දැනුම් දෙයි.
✅✅✅✅✅✅✅

0 Comments