Ticker

6/recent/ticker-posts

ආයෙත් භයානක ලෙඩක් හැමෝම පරිස්සමෙන්


 ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෛරස සහ ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය සමාජයේ පැතිර යාම හේතුවෙන් මේ දිනවල දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුව තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ යටතේ සිටින පුද්ගලයන් වඩා සැලකිලිමත් විය යුතු බවයි.

මේ පිළිබඳව අදහස් පළකළ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ චන්න පෙරේරා පවසා සිටියේ,

''ඉන්ෆ්ලුවන්සා A සහ B යනුවෙන් වෛරස් වර්ග 2ක් තිබෙනවා. වර්ෂයේ මැද භාගයේදී සහ අවසාන භාගයේදී රෝගීන්ගේ වැඩි වීමක් තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේදී රෝග ලක්ෂණ වැඩි වීමක් තිබෙනවා. පැරසිටමෝල් දුන්නත් උණ සමනය නොවෙන්න පුළුවන්. මෙම තත්ත්වය දින 2 - 3ක් අතර පවතින්න පුළුවන්. තද හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම වැනි තත්ත්ව ඇතිවිය හැකියි. මෙයට ලක්විය හැකි අවදානම් කාණ්ඩ - අවුරුදු 1කට වඩා කුඩා දරුවන් - අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් - ගර්භණී කාන්තාවන් - නිධන්ගත රෝග ඇති අය උණ අඩු නොවුණත් වැඩි ඖෂධ මාත්‍රා දීම සුදුසු නැහැ. ඉතා තද උණ තිබෙනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න" ලෙසයි.


 ✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments