Ticker

6/recent/ticker-posts

මේ ප්‍රදේශයේ දරුණු රෝගයක් උත්සන්න වෙයි - හැමෝම පරිස්සමින්

 


මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 18 දෙනකු හඳුනාගෙන ඇති අතර, එක රෝගියෙකු මරණයට පත්ව ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතා සඳහන් කරයි.

මෙම රෝගයට ගොදුරු වූ හා මියගිය පුද්ගලයා ගොවියන් නොවන අතර, ඔවුන් ඉකුත් ජල ගැලීම්වලදී ගංවතුරේ ගැවසුණු අය බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.

මියගිය රෝගියා ගංවතුරේ ගැවසුණු 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අනෙකුත් සියලු රෝගීහු අවුරුදු 50ට වැඩි පිරිසක් වන බවද දයාන් සමරසේකර මහතා සඳහන් කළේය.

පසුගිය වැසි සමයේ මිනුවන්ගොඩ, අස්ගිරිය, කොටුගොඩ, ඕපාත ඇතුළු ප්‍රදේශවලින් මී උණ රෝගීන් හා මරණ වාර්තා වූ බවද වාර්තා වේ.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments