Ticker

6/recent/ticker-posts

අමෙරිකාව කලඹමින් මියගිය කාන්තාව ගැන කරුණු හෙළිවෙයි

 


අමෙරිකාවේ මිනියාපොලිස් හි පැවති සෝදිසි කිරීමක් අතරතුරදී ආගමන විගමන නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව ගැන කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් හෙළිකර තිබේ.

එලෙස මරණයට පත්ව ඇත්තේ රෙනී නිකොල් ගුඩ් නම් 37 හැවිරිදි තිදරු මවක්ය. ඇය මෑතකදී මිනියාපොලිස් නගරයට සංක්‍රමණය වී ඇත.

ඇය සම්මානලාභී ගීත රචකාවියක් මෙන්ම ගිටාර් වාදනයේ ප්‍රවීණයෙකු බව සඳහන්.

මේ වනවිට එම කාන්තාවගේ මරණට එරෙහිව මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යාමේදී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව පවසමින් මිනියාපෝලිස් ජනතාව මෙම  විරෝධතාවයේ නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඔවුන් 'රෙනීට යුක්තිය' යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන මෙම විරෝධතාවේ නිතර වේ.

කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය ඇයව 'දේශීය ත්‍රස්තවාදියෙකු' ලෙස නම් කර ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments