Ticker

6/recent/ticker-posts

මේ දිස්ත්‍රික්කයේ පාසල් අද කලින් වහයි

 


(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (9) දින පෙරවරු 11ට අවසන් කරන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසයි .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ඊයේ (8) පස්වරුවේ නිකුත් කර ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් පිළිබදව විශේෂ අනතුරු ඇගවීමේ පණිවිඩයට අනුව මෙම තීරණය ගත් බව හෙතෙම කීය .

මේ අනුව මෙම අවධානම් තත්ත්වය හමුවේ පාසල් පැවත්වීම නුසුදුසු යැයි හැගෙන්නේනම් අදාල කලාප අධ්‍යක්ෂ වරුන් සමග සාකච්ඡා කර එවැනි පාසල් අද (9) දින නොපැවත්වීමට කටයුතු කරන ලෙසට ද විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවත් ඌවපලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා සදහන් කළේය .


✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments