Ticker

6/recent/ticker-posts

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන් ඔයාටත් පණිවිඩයක් අවොත් බලාගෙනයි

 


සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර ගලප්පත්තිගේ ඡායාරූපයක් සහිත ව්‍යාජ Whatsapp අංක භාවිත කරමින්, ආපදාවලින් පීඩාවට පත් ජනතාවට ආධාර ලබාදීමට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බවට මාතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ, ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදු කරන සැකකාර පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින්, චතුර ගලප්පත්ති මන්ත්‍රිවරයාගේ රුව සහ “C. ගලප්පත්ති” යන නාමය භාවිත කරමින් ව්‍යාජ Whatsapp ගිණුමක් සකස් කර ඇති බවයි.

එම ව්‍යාජ Whatsapp ගිණුම හරහා මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්, විහාරස්ථානවල ස්වාමින්වහන්සේලා, උපකාරක පන්ති ගුරුවරුන් ඇතුළු විවිධ පුද්ගලයින් වෙත පණිවුඩ සහ දුරකථන ඇමතුම් ලබාදී, බැංකු ගිණුම්වලට මුදල් බැර කරවීමට උත්සාහ දරා ඇති බවද වාර්තා වේ.

මෙම වංචනික ක්‍රියාව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර ගලප්පත්තිගේ උපන් දිනය යෙදී තිබූ ඊයේ (11) දිනයේ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments