ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ට ජනවාරි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිව තිබෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබේ.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වනවා.
නව විධිවිධාන බලාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කරනවා.
ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට වරණීය තීරු බදු ප්‍රතිලාභ පවත්වා ගනිමින් කලාපීය හවුල්කරුවන්ගෙන් භාණ්ඩ ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන අතර මෙම නව වෙළෙඳ රීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට පෙර නොවූ විරූ වරප්‍රසාද රැසක් හිමි වනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments