Ticker

6/recent/ticker-posts

පීඩන අවපාතය හෙට දිවයිනට - රටට වෙන්න යන දේ ගැන කාලගුණෙන් රතු නිවේදනය

 


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, හෙට (09) පස්වරුවේ පීඩන අවපාතයක් හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයන් හරහා දිවයිනට ඇතුල් විය හැකි බවයි.

අද (08) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා පැවසුවේ, මෙම පීඩන අවපාතය මේ වන විට නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දිශාවෙන් කිලෝමීටර 300ක් පමණ ආවරණය වී ඇති බවයි.

ඒ අනුව, ධීවර සහ නාවික ප්‍රජාවට මෙම කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටිමින් සියලු නායක කටයුතු වලින් වැළකී සිටීමට නිවේදනය කර ඇත.

පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments