දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය මත තාවකාලිකව කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට දිවයින පුරා යළි ආරම්භ වේ.
කාලගුණික බාධා මධ්‍යයේ වුවද සිසුන්ගේ පහසුව වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර ඇති අතර, විභාගය පැවැත්වෙන ආකාරය මෙසේය:
- විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව: 2,086
- සම්බන්ධීකරණ මධ්‍යස්ථාන: 325
- ප්‍රාදේශීය මධ්‍යස්ථාන: 32
- විභාග කාලසීමාව: අද (12) සිට ලබන 20 වනදා දක්වා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ, විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.
ආපදා තත්ත්වය හේතුවෙන් තම අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි (විභාග ප්‍රවේශ පත්‍ර හෝ හැඳුනුම්පත්) අස්ථානගත වී ඇති සිසුන් වෙනුවෙන් විශේෂ සහනයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එවැනි අපේක්ෂකයින්ට ද කිසිදු බාධාවකින් තොරව විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බව කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments