Ticker

6/recent/ticker-posts

ත්‍රීරෝද රථ රියදුරන් ප්‍රවේශමෙන් - ඔබේ වාහනේ අනතුරේ

 


දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංක සහ පාට වෙනස් කොට ව්‍යාජ ලෙස ලියකියවිලි සකසා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී ඇත.

ඒ අනුව බලන්ගොඩ, බදුල්ල, කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංකය සහ පාට වෙනස් කර රුපියල් ලක්ෂ 12 ත් 15 ත් අතර මිලකට අලෙවි කිරීමට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය ත්‍රීරෝද රථය සොරාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉන් අනතුරුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හෙට (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments