අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
IS ත්‍රස්ත සංවිධානය පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇත.
අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති අතර අමෙරිකානු හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද IS ඉලක්ක වෙත අඛණ්ඩව අතිරේක ගුවන් හා භූමි ප්‍රහාර සිදුකරමින් පවතින බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments