Ticker

6/recent/ticker-posts

ගර්භාෂයේ බෝතල් දෙකක් තිබී හමුවූ කාන්තාවගේ පැටිකිරිය අමුතු කතාවක්!

 


අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගතවී ඇත්තේ පසුගිය 09 වනදා ය.


පසුගිය ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ පැවති සාදයක් අතරතුර මෙම සිදුවීමට මුහුණ දුන් බව අදාළ කාන්තාව වෛද්‍යවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ තමන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන්ව දූ#ණය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රෝගියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිදු කරන ලද ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කර තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මාරවිල රෝහලේ වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මයක් සිදු කර එම බෝතල් ඉවත් කිරීමට කටයුතු කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාරවිල පොලිසිය විසින් කාන්තාව දූ#ණය කළ බව කියන නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඊට අනුබල දුන් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වින්දිතකාන්තාව සේවය කළ ආයතනයේ හිමිකාරිය සහ එහි සේවකයින් දෙදෙනෙකි.


අපරාධය සිදු වූ දිනයේ පැවති සාදයේදී රෝහල් ගත කර සිටින කාන්තාව සහ සැකකරුන් අධික ලෙස මත්න්# සහ මත්ද්ර#ව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.


✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments