Ticker

6/recent/ticker-posts

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම ගැන දැනුම්දීමක්

 


රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මස දී සිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.


මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී තිබේ.


එම නිල ඇඳුම ප්‍රදානය නිල වශයෙන් භාර ගැනීම එළැඹෙන ජනවාරි 13 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.


මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා 4,418,404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම ලබන අතර ජනවාරි 19 දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇත.



✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments