Ticker

6/recent/ticker-posts

මහ මුහුදේ දරුණු අනතුරක් - සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 50කට වැඩි පිරිසක් අතුරුදහන්



 ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු පමණක් බේරා ගැනීමට හැකි වූ බව සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) ප්‍රකාශ කරයි.

එමෙන්ම දිවි ගලවා ගත් නයිජීරියානු කාන්තාවන් දෙදෙනාටම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව සඳහන්.

එසේම දිවි ගලවා ගත් එක් අයෙක් තම සැමියා අහිමි වූ බව ප්‍රකාශ කර ඇති බවත් අනෙක් කාන්තාව මෙම අනතුරෙන් තම ළදරුවන් දෙදෙනා අහිමි වූ බව පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සඳහන් කළේ මෙම අනතුරට මුහුණ දුන් යාත්‍රාවේ අප්‍රිකානු ජාතිකයන් රැගෙන ගොස් ඇති බවයි.

තවද එම සංවිධානය ප්‍රකාශ කළේ ජනවාරි මාසයේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සාහ කිරීමේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් 375 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවයි.

එමෙන්ම තවත් සිය ගණනක් මෙසේ අනතුරට ලක්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නිල වාර්තා නොමැති බව ද වාර්තා වේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments