Ticker

6/recent/ticker-posts

මගීන් 55ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

 


සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.

මොගඩිෂු සිට ගුවන්ගත වීමෙන් සුළු වේලාවකට පසු යානයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 55 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බව තහවුරු කර ඇත.

නියමුවා විසින් යානය වෙරළ තීරය වෙත සාර්ථකව යොමු කිරීම නිසා මගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව අදාළ ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.

තාක්ෂණික ගැටලුව වාර්තා වූ සැනින් සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී තිබුණ ද, එය ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට පෙර මෙලෙස අනතුරට මුහුණ දී ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments