ගම්පහ මහාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තරකර තිබෙනවා.
ඒ, අරගලය පැවති 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන්.
මෙම නඩු තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments