Ticker

6/recent/ticker-posts

සමාජ ජාලා හෙල්ලූ වීඩියෝවේ ගුරුවරියන් මාරු කරයි... ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි... සිසු නායක පියා පොලිසි යයි



 කොළඹ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ අදාළ ගුරුවරියන් දෙදෙනා මේ වන විට පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම ගුරුවරියන් මෙතෙක් පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවයට වාර්තා කර නොමැති බවට ද තොරතුරු වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළව අදාළ විදුහලේ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය. මීට අමතරව, විද්‍යාලය තුළ ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ බව කියන ශිෂ්‍යයා ද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර, එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ද විසුරුවා හැරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

අදාළ දර්ශන මගින් තම පුත්‍රයාට අපහාසයක් සිදුවී ඇති බවත්, ඔහු දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් පවසමින් ශිෂ්‍යයාගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම රූප රාමු සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයින් සොයා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments