Ticker

6/recent/ticker-posts

මේ සැත්කම් කරන්න ලියාපදිංචි වුණු ඔයාට සුබ ආරංචියක්

 


ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය රජයේ රෝහල් වල හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට අද (10) තීරණය කළේය. දැනට දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල වැඩි කිරීමට ද එහිදී තීරණය විය.

වෛද්‍යාධාර ලබා දීමේදී දැනට පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබා ගත හැකි වන පරිදි ක්‍රමවේදය සරල කිරීමටද මෙහිදී කැමැත්ත පළ විය.

එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණක් වෛද්‍යාධාර ලබා දීමටද තීරණය කර තිබේ. ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments