Ticker

6/recent/ticker-posts

පොලිසියෙන් විශේෂ නිවේදනයක්


 ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමෙන් පසු, අදාළ නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවට මතයක් සමාජ මාධ්‍ය හරහා පැතිරුණද, එවන් සංවාදයක් සිදුව නොමැති බව පොලීසිය පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය අනුව, සිද්ධියට සම්බන්ධ නීතිඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගන්වා තිබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, එමඟින් මෙම නීතිඥවරයා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජගත වෙමින් පවතින බවද පොලීසිය සඳහන් කරනවා.

මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර, කිසිදු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පති විසින් නියෝගයක් ලබා දී නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Redirecting...

.

Post a Comment

0 Comments