පෙබරවාරි මස 19 වැනිදා අලුත්කඩේ උසාවිය තුළදී පාතාල නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස කටයුතු කළ බවට හඳුනා ගත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ නේපාලයේදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගත් බව පොලීසිය අද (14) නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඊට අමතරව, රටින් පලා ගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඒ අතරින් මේ වනවිට අපරාධකරුවන් 18 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මෙම වසර තුළ කටයුතු කරන බවත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියට රැකවරණය දුන් බව පැවසෙන ද්‍රවිඩ පුද්ගලයෙකු ද එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම අපරාධකරුවන් කඩිනමින් දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමත්තා කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් ඝාතනය කළ බවට එදිනම අනාවරණය විනි.
ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණ වුණේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවය.
අදාළ කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන විත් ඇති බවට එහිදී හෙළිවූ අතර, ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාවක් බවය.
එම අපරාධය සිදුකර ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර, එයට JK බායි නැමැත්තා උපකාර කර ඇතැයිද වාර්තා වේ.
ඇය රු ලක්ෂ 65ක් පමණ වියදම් කර ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් රැඳී සිට තිබේ.
ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් ඇති අතර, දින 7කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයි ද වාර්තාවේ.
පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටිය දී ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.
මේ අතර, ඉෂාරා සෙව්වන්දිට ආදේශකයක් ලෙස යොදා ගත් වෙනත් කාන්තාවක් සඳහා ද විවිධ රටවලට පලා යෑමට හැකි වන අයුරින් පාස්පෝට් සකස් කර ඇතැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.
✅✅✅✅✅✅

0 Comments