බොලිවුඩ් සිනමාවේ තාරකාවක් වන සහ රාජ්‍ය සම්මානලාභියෙකු වන 30 වැනි වියේ පසු වූ අඛිල් විශ්වනාත් සිය නිවසේ දී සිය #දිවි න#සා ගෙන ඇතැයි වාර්තා වෙයි.
අසනල් කුමාර් සසිදරන්ගේ ‘චෝලා’ චිත්‍රපටයේ පෙම්වතාගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ අඛිල් විශ්වනාත් විසිනි.
ඔහු ‘ඔපරේෂන් ජාවා’ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහාද රංගනයෙන් දායක වී ඇත.
අඛිල් ජංගම දුරකථන සාප්පුවක කාර්මිකයෙකු ලෙස සේවය කළ නමුත් ඔහු ටික කලක සිට රැකියාවට යාම නතර කර තිබූ බව වාර්තා වේ.
ඔහුගේ පියා වන විශ්වනාදන් ද බයිසිකල් අනතුරකින් බරපතළ තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබමින් සිටී.
අඛිල් විශ්වනාත්ගේ සිනමා ගමන ආරම්භ වූයේ කුඩා අවදියේ සිට බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු ශිෂ්‍යයෙකුව සිටියදී, ඔහුගේ සහෝදරයා වන අරුන් සමඟ රඟපෑ ‘මංගන්ඩි’ ටෙලි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම ළමා කලාකරුවා සඳහා රාජ්‍ය සම්මානය දිනා ගත්තේය.
පසුව ඔහු 2019 දී රාජ්‍ය චිත්‍රපට සම්මානය දිනාගත් සනල් කුමාර් සසිදරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘චෝල’ චිත්‍රපටය හරහා පුළුල් අවධානයක් දිනා ගත්තේය.
✅✅✅✅✅✅✅

0 Comments