Ticker

6/recent/ticker-posts

හෙට සිට ක්‍රියාත්මකයි - මේ මඟීන්ට දැනුම්දීමක්

 


හෙට (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවල අතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් අඹේවල දක්වාත් අඹේවල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.30ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් බදුල්ල දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එසේම දුම්රියන් වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක්, දෙවන සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරියක් සහිතව ධාවනය වන බව දන්වයි.

එමෙන්ම නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව - ත්‍රිකුණාමලය අතර දුම්රිය ධාවනය ද හෙට දින සිදු වේ.

✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments