Ticker

6/recent/ticker-posts

ඉන්දියාවේ පොලිස් ස්ථානයක තවත් පිපිරීමක්.!


 අසල්වැසි ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව ඇති අතර එම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත.

විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම හේතුවෙන් මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් සිදුකළ හෙළිකිරීම් හමුවේ දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකි වූ අතර එම තොගය පරීක්ෂාකිරීමට යාමේදී මෙලෙස පුපුරාගොස් ඇත.


✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments