හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සිදුවන්නේ පවුලේ අය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කළ එකඟතාව මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් වැනි අසහාය කලාකරුවන්ට රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කළ පසුබිමක, දශක ගණනාවක් හෙළ ගීත කලාවට මෙහෙවරක් කළ ලතා වල්පොල මහත්මියට එවැනි ගෞරවයක් හිමි නොවන්නේ මන්දැයි අද (30) පැවති කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙවැනි තීරණ ගනු ලබන්නේ පවුලේ සාමාජිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සිදුකරන සාකච්ඡා මත පදනම්ව බවයි.
අදාළ විෂය භාර අමාත්‍යාංශය, ලතා වල්පොල මහත්මියගේ පවුලේ සාමාජිකයන් සහ ඇය සමඟ කටයුතු කළ කලාකරුවන් සමඟ සාකච්ඡා කර මෙම කටයුතු සංවිධානය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් පවතින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ පිළිබඳව අවධානය යොමු කළ බවත්, එම ක්‍රියාවලියේදී කිසිවෙකුට අසාධාරණයක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවා.
අදාළ පාර්ශ්වයන් අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රජයට කළ දැනුම්දීම මත ලතා වල්පොල මහත්මියට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
✅✅✅✅✅✅✅✅✅✅
