4542 Views''අනේ රත්තරනේ.. මෙහෙම ගෙදර එන්නද පුතේ ඔයාව මං එදා ඉස්පිරිතාලෙට එක්කගෙන ගියේ. මලක් වගේ බලාගත්තු දරුවට ඇයි දෙයියනේ මෙහෙම දෙයක් වුණේ..."
යැයි කියමින් දතක් ගැලවීමෙන් පසුව රෝගී වී මියගිය හොරණ මේධංකර මහා විද්‍යාලයෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබූ දෙව්මි මධුෂිකා දියණියගේ මව හඬා වැළපෙමින් කීවා.
පොකුණුවිට, බණ්ඩාරවත්ත ප්‍රදේශයම කම්පාවට පත්ව තිබුණේ හිටිහැටියේ පැතිර ගිය මේ අසුභ ආරංචිය කණ වැකීම නිසායි. කිසිවෙකුත් විහිළුවටවත් ඇසීමට අකමැති වූ ඒ පුවත මුවින් මුව පැතිරෙන විට සියල්ලෝම දෙව්මිගේ නිවෙසට දුවගෙන ආවේ අවසන් වරට හෝ ඒ අහිංසක මුහුණ දැක බලා ගැනීමේ උවමනාවෙන් යුතුවයි.
දතක් ගැලවීමෙන් පසුව රෝගී වූ ඇයට මෙවන් ඉරණමක් අත් වේවි යැයි සිතීමට කැමති වූ කිසිවකුත් ඒ අතර සිටියේ නැති.
හොරණ මේධංකර මහා විද්‍යාලයෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබූ දෙව්මි මධුෂිකා තවමත් අවු 20 මාස 10 වියේ පසුවෙන සුන්දර දියණියක්. ප්‍රාථමික අංශයේ පටන්ම මේධංකර විදු මවගේ පහස ලද දෙව්මි පාසලේ සිටි දීප්තිමත් සිසුවියක්.
අපොස සා.පෙළ විභාගයට නැටුම් විෂය හදාරා ඇති ඇය සමස්ත ලංකා නැටුම් තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණ හිමි කරගත් කණ්ඩායම් නියෝජනය කර පාසලට කීර්තියක් අත්කර දී තිබෙන සිසුවියක්. එමෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී ද ඉදිරියෙන් සිටින ඇය, නැටුම් විෂයට ඒ සාමාර්ථයක් ලබා ගනිමින් සාමාන්‍ය පෙළ උසස් අන්දමින් සමත්ව උසස් පෙළ වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිට විෂයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් ව තිබුණා.
මෙවරද ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටියේ කෙදිනක හෝ ගණකාධිකාරීවරයක් වීමේ අරමුණ ඇතිවයි. එහෙත් ඇයට විභාගයට එක් විෂයකට පෙනී සිටීමට තිබියදී සිදුවූයේ කිසිවකුත් නොසිතුව අන්දමේ විපතක්.
පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසද කටයුතු කර ඇති ඇය සරඹ සංදර්ශන මෙන්ම නැටුම් කණ්ඩායම්වල ද නායකත්වය ගෙන කටයුතු කළ දිරිය දියණියක්.
පොකුණුවිට බණ්ඩාරවත්ත නො 287/3 ලිපිනයේ පදිංචි ගෘහණියක් ලෙස කටයුතු කරන ලක්මාලි ප්‍රියදර්ශනී (50) හා ජර්මන් ටෙක් ආයතනයේ සේවය කරන චන්දන කුමාර ( 57) දෙපළට සිටි දරුවන් දෙදෙනාගෙන් බාලයා වූයේ දෙව්මි දියණිය වන අතර ජනින්ද්‍රි ශෂීප්‍රභා (26) ඇගේ එකම වැඩිමහල් සොහොයුරියයි.
හොරණ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී පැවති සාක්ෂි විභාගයේ දී දෙව්මිගේ මව වන මඩපාතගේ ලක්මාලි ප්‍රියදර්ශනී මහත්මිය මෙසේ පැවසුවා.
''දුවට දිගටම පවතින අසනීප වැළඳී තිබුණේ නෑ. දැනට අවුරුද්දක විතර ඉඳලා දුව මොනවට හරි බය වූ විට හෘද ස්පන්දනය වැඩිවීමක් තිබුණා. ඇයට ඔළුවේ කැක්කුමක්ද ටික කාලයක් තිබුණා. ඒ සඳහා කොළඹ මහ රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙකු චැනල් කරලා පෙන්නුවා. එතනදි සීටී ස්කෑන් එකක් කළා. එහි කිසිවක් නොමැති බව පැවසුවා. පසුව කොළඹ රෝහලේ වෛද්‍ය සායනට මාස 04 ක් විතර ගිහිල්ලා බෙහෙත්වලට අඩු වූ නිසා බෙහෙත් නතර කළා. හෘද ස්පන්දනය වැඩිවීම වෙලා බෙහෙත් ලබා දුන්නා. ඒ සම්බන්ධව වෛද්‍යවරු පරීක්ෂණ කරලා බැලුවා. නමුත් රෝගී තත්ත්වයක් ගැන කිව්වේ නෑ. මේ සඳහා දරුවා දැන් බෙහෙත් බොන්නේ නෑ. ඇයට මේ වන විට කිසිදු අසනීපයක් නෑ. ඇය සාමාන්‍ය ලෙසට වැඩ කරගෙන හිටියා. දැනට සති 03 ට පමණ ඉහතදී දුවට සෙම ගතියක් තිබුණා. පසුගිය 12දා සෙම වැඩි වෙලා 13 දා රාත්‍රියේ කට රිදෙන බව පැවසුවා. මම පැනඩෝල් ලබා දුන්නා. ඒත් දුව නිදාගත්තේ නෑ. දත් රිදෙන බව පැවසුවා. 14දා මමත් සැමියාත් දුවගේ දත් පෙන්වීමට පෞද්ගලික රෝහලකට ගියා. ඉරිදා නිසා රජයේ රෝහලකට ගියේ නැහැ. එම රෝහලේ සෙනඟ සිටි නිසාත් වෙලා තිබුණ නිසාත් අපි හොරණ රෝහලට ගොස් සෙමට බෙහෙත් අරගෙන යළිත් ආවා. ඇවිත් අපේ අංකයට ඇතුළට ගියා.
''දුවට දිගටම පවතින අසනීප වැළඳී තිබුණේ නෑ. දැනට අවුරුද්දක විතර ඉඳලා දුව මොනවට හරි බය වූ විට හෘද ස්පන්දනය වැඩිවීමක් තිබුණා. ඇයට ඔළුවේ කැක්කුමක්ද ටික කාලයක් තිබුණා. ඒ සඳහා කොළඹ මහ රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙකු චැනල් කරලා පෙන්නුවා. එතනදි සීටී ස්කෑන් එකක් කළා. එහි කිසිවක් නොමැති බව පැවසුවා. පසුව කොළඹ රෝහලේ වෛද්‍ය සායනට මාස 04 ක් විතර ගිහිල්ලා බෙහෙත්වලට අඩු වූ නිසා බෙහෙත් නතර කළා. හෘද ස්පන්දනය වැඩිවීම වෙලා බෙහෙත් ලබා දුන්නා. ඒ සම්බන්ධව වෛද්‍යවරු පරීක්ෂණ කරලා බැලුවා. නමුත් රෝගී තත්ත්වයක් ගැන කිව්වේ නෑ. මේ සඳහා දරුවා දැන් බෙහෙත් බොන්නේ නෑ. ඇයට මේ වන විට කිසිදු අසනීපයක් නෑ. ඇය සාමාන්‍ය ලෙසට වැඩ කරගෙන හිටියා. දැනට සති 03 ට පමණ ඉහතදී දුවට සෙම ගතියක් තිබුණා. පසුගිය 12දා සෙම වැඩි වෙලා 13 දා රාත්‍රියේ කට රිදෙන බව පැවසුවා. මම පැනඩෝල් ලබා දුන්නා. ඒත් දුව නිදාගත්තේ නෑ. දත් රිදෙන බව පැවසුවා. 14දා මමත් සැමියාත් දුවගේ දත් පෙන්වීමට පෞද්ගලික රෝහලකට ගියා. ඉරිදා නිසා රජයේ රෝහලකට ගියේ නැහැ. එම රෝහලේ සෙනඟ සිටි නිසාත් වෙලා තිබුණ නිසාත් අපි හොරණ රෝහලට ගොස් සෙමට බෙහෙත් අරගෙන යළිත් ආවා. ඇවිත් අපේ අංකයට ඇතුළට ගියා.
වෛද්‍යවරයා බලා මේ දත තිබිලා වැඩක් නැහැ. කැමති නම් ගලවන්න පුළුවන් කිව්වා. හක්ක කෙළවරේ උඩු ඇන්දේ දත තිබුණේ. මාගේත් කැමැත්ත මත දත ගැලෙව්වා. දුවට හිරිවැටෙන බෙහෙත් විද්ද විටදී කලන්ත ගතියක් ආවා. මම ඒ බව වෛද්‍යවරයාට පැවසූ විට සාමාන්‍ය තත්ත්වයක් බව පැවසුවා. දත ගලවන වෙලාවේ දුවට කලන්ත ගතිය තිබුණේ නැහැ. ඉන් පසුව අපි වෛද්‍යවරයා නියම කළ වේදනා නාශක බෙහෙත් අරගෙන ගෙදරට ආවා. මම දුවට කිරි පැකට් එකක් බොන්න දුන්නා. ගෙදර ඇවිල්ලා දුව නිදාගෙන හිටියා කෑම ගත්තෙත් නෑ. රාත්‍රී මං බත් චුට්ටක් කැව්වා. ඒත් කෑවෙ නෑ . 15 දා දුවට බඩඑළිය හා වමනේ පටන් ගත්තා. දහවල් වන විට මූණෙ පළුත් දාලා තිබුණා. මේ නිසා මම පොකුණුවිට ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට පෙන්නුවා.
ඔහු පැවසුවා රුධිර පීඩනය අඩු වෙලා රෝහල් ගත කරන්න කියලා. අපි දරුවා පෞද්ගලික රෝහලට රැගෙන ගියා. ඔවුන් පරීක්ෂා කර බලා බෙහෙත් ඇලජික් එකක් වෙන්න පුළුවන් කියලා සේලයින් ලබා දීලා ප්‍රතිකාර ලබා දුන්නා. එහිදී දුවගේ රුධිර පීඩනය අඩු නිසා එහි නතර කරන්න කිව්වා. නැත්නම් රෝහලට ගෙනියන්න කිව්වා. ඉන් පසුව අපි දුවව එහි නතර කළා. පසුව පරීක්‍ෂණ කරලා අඩු නොවූ නිසාත් ඒ රෝහලේ දැඩිසත්කාර ඒකකයක් නොමැති නිසාත් රජයේ රෝහලට අරගෙන යන්න කිව්වා. පසුව මාවත් දුවවත් එම රෝහලේ ගිලන් රථයෙන් හොරණ රෝහලට අරගෙන ආවා.
එහිදී වෛද්‍යවරු පරීක්ෂා කර බලා 05 වාට්ටුවට දැම්මා. එහිදී දුවට සේලයින් හා ඔක්සිජන් ලබා දුන්නා. ඒ වෙලාවේ ඉඳලා දුව එය ගලවන්න කියලා කෑ ගැහුවා. රාත්‍රියේදී නිදා ගත්තේ නෑ. උදේ දුවගේ ලේ පරීක්ෂණ කළා. දුවට එන්න එන්නම අමාරු උනා. බඩ එළියත් ගියා. එළියෙන් දුන්න බෙහෙත්ද ගෙනල්ලා දුන්නා. මුලින් පෞද්ගලික රෝහලින් කළ වෛද්‍ය වාර්තා බලා ඔවුන් දුවගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බව පවසා දුවව දැඩි සත්කාර ඒකකට දැම්මා. ඇය ඉන්න බැහැ යන්න ඕනේ කියලා කෑ ගැහුවා. ඉන්පසුව දුවට නින්ද යන්න බෙහෙත් දීලා තිබුණා. අපි හවස බලන්න එන විටත් දුව නිදාගෙන හිටියේ. අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව වෛද්‍යවරු පැවසුවා. දරුණු විෂ බීජයක් ගිහිල්ලා කිව්වා. දුවට නිව්මෝනියා තත්ත්වයක් තිබෙන බවත් පැවසුවා. ඇගේ හෘදය සම්බන්ධ වාර්තා තිබෙනවා නම් ඒවා ගේන්න කියලා අපි ඒවත් ගෙනල්ලා දුන්නා. ඔළුවේ කැක්කුමට දීපු බෙහෙත් වාර්තා පොතත් ගෙනාවා. අපි සෑම දිනම දුව බලන්න ආවා. වෛද්‍යවරු පැවසුවේ දුවව එන්න එන්නම දුර්වල වෙන බවයි.
මී උණට පරීක්ෂණ කළ බවත් ප්‍රශ්නයක් නැති බවත් පැවසුවා. යළිත් පරීක්ෂණවලට යොමු කළ බවත් ඒ වාර්තා තවම ආවේ නැති බවත් පැවසුවා. හෘද වස්තුවේ ප්‍රශ්නයක් තිබෙන බවත් වකුගඩු රෝගයක් තිබෙන බවත් පැවසුවා. තුන් හතර සැරයක්ම දුවගේ ලේ මාරු කළා. දුව ඉන්නේ අසාධ්‍ය තත්ත්වයෙ බවට පැවසුවා. කොහේවත් අරගෙන යන්නත් බෑ කිව්වා. ඉන්නේ අවදානම් තත්ත්වයක නිසා සීටී ස්කෑන් එකක් කළ බවත් එහි ප්‍රශ්ණයක් නොමැති බවත් පැවසුවා.
වෛද්‍යවරු පැවසුවේ දුවට ප්‍රතිකාර ලබා දෙන බවත් ඇයට ලබා දෙන බෙහෙත්වලින් ප්‍රතිඵලයක් නොමැති බවයි. යළිත් සීටී එකක් කළ යුතු බව පවසා සිටී මැෂින් එක කැඩිලා කියලා නාගොඩ රෝහලට අරගෙන ගිහිල්ලා ඒ පරීක්ෂණය කර එය බලා පැවසුවා දුවගේ මොළේ වතුර පිරිලා ශල්‍යකර්මයකට කොළඹ අරිනවා කියලා. කොළඹදී ශල්‍යකර්මය කරන්න බැහැ තත්ත්වය භයානකයි කියලා හොරණට එව්වා.
දුවගේ මොළය අසාමාන්‍ය ලෙස ඉදිමිලා කියලත් කිව්වා. ඉන්පසුව දිගටම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. 28 දා රාත්‍රියේ 8.30 විතර රෝහල් පොලිසියෙන් දුව මියගිය බව අපට පැවසුවා. වෛද්‍යවරු ඇසුවා දුව මඩේ බැස්සා ද කියලා. අපි පැවසුවා නොවැම්බර් 03 වෙනිදා දුව උයන්වත්ත වැවේ වතුර පෑගූ බවත් වැවේ බැස්සේ නැහැ කියලත් කිව්වා. මෙම මරණය පිළිබඳ වෙනත් කිසිදු සැකයක් නැහැ. හේතුව දැන ගැනීමට අවශ්‍යයි.
දත ගැලවූ වෛද්‍යවරයාද හොරණ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සාක්ෂි දීමට ඉදිරිපත්ව සිටියේය.
විදුහලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසද කටයුතු කළ නර්තනයට පමණක් නොව ගීත ගායනයට නිවේදන කටයුතු ඇතුළු විවිධ ඉසව් ඔස්සේ ඉදිරියට යමින් අනාගත සිහින ගොන්නක රැඳී සිටි දෙව්මි ඒ සියල්ලටම තිත තබා නොසිතූ ලෙසට සදහටම නිහඬ වූයේ ජීවත්ව සිටින්නන්ට විශාල ප්‍රශ්නයක් ඉතිරි කරමින් නොවේද.
✅✅✅✅✅✅✅✅✅✅
