කොළඹ දෙමළ පාතාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් වූ කුඩු සෙල්ලි සහ පලනි ගනේෂ්ගේ පුතුන් දෙදෙනෙකු වන පලනි රිමෝෂන් සහ පලනි කැනිස්ටන් ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ තිරුච්චි එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි මොවුන් දෙදෙනා පසුගිය සමයේ කොටහේන සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදුවූ මාරාන්තික වෙඩි තැබීම් රැසක් පිටුපස සිටි ප්‍රධාන මෙහෙයුම්කරුවන් බවට හඳුනාගෙන තිබේ. මොවුන්ගේ තවත් සහෝදරයෙකු වන පලනි සිරාන් ද දැනට එම සිර කඳවුරේම පසුවන අතර, ඔහු ද නුදුරේදීම මෙරටට භාර දීමට ඉන්දීය බලධාරීන් කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
දිවයින පුරා සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ මෙම පිරිස, ත්‍රස්තවාදී සංවිධාන සමඟ ද සමීප සබඳතා පවත්වන බවට ඉන්දීය ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබෙන මුදල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා යෙදවීමේ අවදානමක් පවතින බැවින් මොවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ද දැඩි අවධානයෙන් පසුවෙයි. පිටුවහල් කළ සැකකරුවන් මෙරටට පැමිණි වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන විශේෂ විමර්ශනයකට භාජනය කිරීමට නියමිතය.
FB : TTV News
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
