654732 Viewsලොව බොහෝ තැන්වලදි මේ වගේ කතා අහන්න දකින්න අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඇසෙන කතවත් එක් කතාවක්.
කවුද මේ ආලෝක, ලොවක් කතා වුණු මේ වෙනස්ම පුවත දැනගන්න ඔබත් කැමති ඇති.
ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු දැන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ එක්ව කිලෝමීටර් දහස් ගණනක් ලෝක සාමය වෙනුවෙන් ඇවිද යමින් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් හරහා කිලෝමීටර් 3,700ක් පමණ දුරක් ආවරණය කරන මෙම 'සාමය උදෙසා පාගමනට’ එක්වන මෙම අපූරු සුරතලා ‘ආලෝක’ නමින් හඳුන්වනවා.
පාගමන සංවිධානය කර ඇත්තේ හ්ඔන්ග් ඩාඕ විපස්සනා භාවනා විසින්.
මෙහි අරමුණ වන්නේ ඇමරිකාව සහ මුළු ලෝකය පුරාම සාමය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ දැනුවත්භාවය පැතිරවීමයි.
පා ගමන ආරම්භ වූයේ ඔක්තෝබර් 10 වනදා ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් නගරයෙන්.
එය වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට දින 120ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ස්වාමීන්වහන්සේලාගේ රැකවරණය ලබමින් අතරමඟ හමුවන හැමදෙනාගේ ආදරය ලබමින් පාගමනට එක්ව සිටින ආලෝක , වයස අවුරුදු 4ක් පමණ වන, දුඹුරු සහ සුදු පැහැති ඉන්දියන් Pariah වර්ගයේ සුනඛයෙක්.
ආලෝකගේ නළලේ හදවතක හැඩැති සලකුණක් පිහිටා තිබෙනවා.
ඔහු මීට පෙර ඉන්දියාවේදී ද භික්ෂූන් වහන්සේලා සමඟ දින 100කට වඩා වැඩි කාලයක් පා ගමනින් ගොස් තිබුණා.
'Aloka -The Peace Dog' ලෙස හඳුන්වන ඔහුට මේ වනවිට 150,000ක අනුගාමිකයින් පිරිසක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සහ 435,000ක් සිටින ෆේස්බුක් ගිණුමක් පවා තිබෙනවා.
දැනට මෙම පා ගමන ආරම්භ වී ගතවී ඇත්තේ දින 73 ක පමණ කාලයක්.
ආලෝක සහ භික්ෂූන් වහන්සේලා මේ වනවිට දකුණු කැරොලිනාවේ මැකෝමික් නගරයේ රැඳී සිටිනවා.
ගමන අතරතුර ආලෝකගේ සෞඛ්‍යය ගැන සොයා බැලීමට නිතිපතා පශු වෛද්‍ය පරීක්ෂණ පවත්වන අතර, ඔහුගේ රසික රසිකාවියන්ගෙන් ඔහුට නොයෙකුත් තෑගි බෝග යහමින් ලැබෙනවා.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments