Ticker

6/recent/ticker-posts

ඔහු හැඳ සිටි සරමේ රහස් සාක්කුවක්..? සියල්ලන්ගෙන් වසන් කරමින් ඔහු ඒ ගෙන ගියේ මොනවද කියලා දන්නවාද..?

 


කෙනෙක්ට නම් මෙහෙම දෙයක් සිදුවුණේ කොහොමද කියලා හිතාගන්නත් බැරි වේවි.. 

මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ සිදුවීමක් ගැන ඇසෙන කතාවක්.



හැඳ සිටි සරමේ රහස් සාක්කුවක සඟවා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට මත්ද්‍#ව්‍ය රැගෙන යමින් සිටි ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනා මත්ද්ව්ය සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරනවා.

එම සැකකරු සමග හොරයින් මත්කුඩු ග්‍රෑම් 13ක් හා අයිස් මත්ද්‍#රව්‍ය ග්‍රෑම් 06ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් අපරාධ මැඩලීමේ රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට පැමිණි මෙම සැකකරු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි සරමේ රහසිගතව තැනූ සාක්කුවක සඟවා තිබී මෙම මත්ද්‍#රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු මත්ද්‍#රව‍ය තොග වශයෙන් රැගෙන ගොස් කුඩා පැකට්වලට අසුරා අලෙවි කිරීමේ ජාවාරම සිදු කරන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථා කීපයකදී මත්ද්‍#රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව මහාධිකරණයේ පවා නඩු විභාග වෙමින් පවතින ඇප මත සිටින පුද්ගලයකු බවට සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

45 හැවිරිදි සැකකරු බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments