Ticker

6/recent/ticker-posts

ඔබත් අවදානමට ලක්ද? ගැබ්ගෙල පිළිකා ගැන සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

 


ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවලට අවශ්‍ය ඉමේජ් ගයිඩඩ් රේඩියේෂන් තෙරපි (Image Guided radiation Therapy) උපකරණ ප්‍රමාණවත් තරම් නොමැති වීම හේතුවෙන් ජීවත් කරවිය හැකි රෝගීන්ගෙන් සියයට තිහක (30%) පමණ පිරිසක් නිරපරාදේ මියයන බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

තවද පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් මහතා සදහන් කළේ කෙසේ වෙතත් වත්මන් රජය ඉකුත් වසරේ සිට එම අඩුපාඩුව අවම කරමින් දැනට ඇති එම උපකරණ නවයට අමතරව තවත් 8 ක් ගෙන ඒම සඳහා ප්‍රසම්පාදන අරඹා තිබෙන බවයි.

තව දුරටත් එතුමා පෙන්වා දුන්නේ ගැබ්ගෙල පිළිකා රෝගයට ගොදුරුවන අය පූර්ව පිළිකා අවස්ථාවන්වලදී ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් එම පිළිකා ශල්‍යකර්ම හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කළ හැකි බවයි.

ඒ වගේම ගැබ්ගෙල පිළිකා වැලඳෙන රෝගීන් 1200 ක් පමණ සෑම වසරකදීම හමුවන බවත් එතුමා සදහන් කර තිබේ. තවද ඔවුන් මූලික රෝග ලක්ෂණ මතුවන මොහොතේදී වෛද්‍ය උපදෙස්වලට යොමු නොවීම බරපතළ ප්‍රශ්නයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙහිදී  සභාව ඇමතූ  පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ සඳහන් කළේ 1996 වසරේ සිට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද කාන්තාවන් අදාළ පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි.   


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments