Ticker

6/recent/ticker-posts

ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරින් නියමුවන් ගැන අද ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? ඒ ගැන ඇසෙන විශේෂ කතාව මෙන්න..

 


ඊයේ සිදුවුණු මේ අනතුර ගැන බොහෝ දෙනෙක් කතාබහ කළා.

මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම සම්බන්ධ තවත් විශේෂ කාරණයක්. 



නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් ඊයේ දහවල් 12:30ට පමණ ග්‍රෙගරි වැවට කඩා වැටීමෙන් එම යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසිය පැවසුවා.

ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගත් අතර, අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ ගුවන් නියමුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ජයසූරිය පවසා තිබුණා.

එම ගුවන් යානය නුවරඑළියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි. මෙසේ අනතුරට පත් වී ඇත්තේ සිනමන් එයාර් සෙස්නා වර්ගයේ ගුවන් යානයක්.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments