ලුතිතන් කොයාන් චාමිත අභාවප්‍රාප්ත වේ - සියලු ගෞරව මැද අවසන් ගමන් යයි



 ත්‍රිකුණාමලය නාවික කඳවුරට අනුයුක්තව ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බල ගණයේ ලුතිතන්වරයෙකුව ලෙස සේවය කළ 28 හැවිරිදි කොයාන් චාමිත මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.

ලුතිතන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30) ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර අමෙරිකානු එක්සත් ජනපදයේ 'නාවික සීල්' පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියාද මොහු වේ.

ලබන 4 වැනිදා පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා වැලිසර ගැමුණු නාවික කඳවුරෙහි රැදී සිටින අතරතුරදී ඔහු මෙලෙස මියගිය අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවට ඔහු අධ්‍යාපනය ලැබූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්, නාවික හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post