"තරුෂි ඔයාගේ කතාව මට කියනවද? බයවෙන්න එපා මම ඔයාගේ නම ගම මුකුත් දන්නෙ නෑ.." මම ඇයව එකඟ කරගත්තෙ එහෙම.
තරුෂි උත්තරයක් දුන් නෑ මුලින්. ඒත් ටික වෙලාවකට පස්සේ තරුෂි එයාගේ කතාව පටන් ගත්තා.
"ශිරාන් තමයි මම යාලුවෙලා හිටපු එක්කෙනා.. අපේ ආදර කතාව ගොඩක් පරණයි.. බඳින්නමයි හිටියේ.. ශිරාන් තමයි මාව ගෑනියෙක් කළේ. අපි නිතරම හම්බුණේ එයාගේ ඇනෙක්ස් එකේ. එයා ගොඩක් සෙක්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ කියන්නෙ ආසාමන්‍ය විදිහට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒ විතරක් නෙවෙයි... එයා මට ඒවායේ වීඩියෝ පෙන්නනවා. මට ඉතින් නුහුරුයි. කැමතිත් නෑ... ඒත් එයාගේ හිත රිදෙයි කියන බයට ඉවසගෙන බලන් ඉන්නවා. එයා සල්ලාලයෙක් බව මට තේරුණා. හැබැයි කාටහරි හිත ගියත් ඒක කෙළින්ම කියන පුරුද්දක් ශිරාන්ට තිබුණා..''
"ඒත් තමන් ආදරේ කරන කොල්ලා ඒම වෙනවට මොන කෙල්ල ද කැමති.. මමත් කැමති නෑ.. මම ඒක ශිරාන්ට කිව්වා. මේ හැම දේම පටන් ගත්තෙ ශිරාන් මට පෙන්නපු වීඩියෝ එකක් නිසා. ඒ වීඩියෝ එකේ කොල්ලො හතර පහක්ම හිටියා. එයාටත් වුවමනයි කිව්වා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. මම හිතුවා ජොක් එකට මේ කියන්නෙ කියලා. හැබැයි එයාට ඇත්තටම වුවමනයි කියලා මට තේරුණේ පස්සේ.. එක දවසක් එයා මාව එයාගේ ඇනෙක්ස් එකට නැතුව හොටෙල් එකකට ගෙන්නගෙන ගොඩක් වෙලා කතා කර කර හිටියා. ඒ වගේම අර විදිහට වීඩියෝ එකකුත් පෙන්නුවා. මම එච්චර කෙයාර් කළේ නෑ."
"කවදාවත් නැතුව එයා මට කෝපි එකක් හදලා ගෙනත් දුන්නා. මට අවුල්... මොකද වෙනද හදන්නෙ මමනේ. ඇයි අද විශේෂ ආදරයක්... පස්සෙ මතක් වුණා මේ ඇනෙක්ස් එක නෙවෙයිනේ. ඒත් මම ඒකත් වැඩිය නොහිතා කොපි එකත් අතට ගත්තා. ඒක බොන්න අදිමදි කරද්දි එයා මට පෙව්වා බලෙන්ම වගේ. පස්සෙ ටිකකින් වෙච්ච දේවල් මට අමතකයි. හැමදේම බොඳවෙනවා වගේ දැණුනේ.''
" ටික වෙලාවකට පස්සේ මට ඇහැරුණා. මගේ ඇඟේ නූල් පොටක් නෑ. ඒ මදිවට එතැන කොල්ලො හතරකට වඩා හිටියා. ශිරාන් එක්කෙනෙක්. ශිරාන් එදා මාව රේප් කරපු ඒවා වීඩියෝ කරලා තිබ්බා. ඒවා පෙන්නලා මිනිහා මාව බය කළා. දෙයියනේ... මම මොනා කරන්නද ? උන්ට ආයෙම මාව වුවමනා වුණා. නැත්තම් උන් ඒවා ඉන්ටනෙට් දානවලු. මට පිහිටක් තිබුණේ නෑ අම්මලාට මේක කරනවා ඇරෙන්න... අද වෙනකන් නඩු කියනවා. උනුත් වියදම් කරනවා. අපේ අම්මලත් අතරින් නෑ.. උන් කියන්නෙ මම කැමැත්තෙන් මේක කරගත්තා කියලයි.."
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments