Ticker

6/recent/ticker-posts

මවකගේ සෙනෙහස ගැන කවි ලියූ හිටපු කථිකාචාර්යවරිය රජරටම හඩවා සදහටම යන්න යයි

 


  ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයෙන් අතිශය කණගාටු දායක පුවතක් වාර්තා වුණා .

ඒ තමයි එම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ, ජපන් භාෂාව පිළිබඳ හිටපු කථිකාචාර්යවරියක වූ නිමේෂා දයාරත්න මහත්මියගේ මරණය .

එය මුළු සරසවියම කම්පා වුණ පුවතක් වුණා බොහෝ මිත්‍රශීලී ප්‍රියමනාප ගුරුවරියක මෙන්ම ජපන් භාෂා අධ්‍යාපනය වෙනුවෙන් මහත් සේවයක් කළ ගුරුවරියක් ලෙසට ඇයව හදුන්වන්න පුළුවන්.

නිතරම දරුවන්ට සෙනෙහසින් ආදරෙන් ආමන්ත්‍රණ කරන ඇය තුළ තරහක් කිසි දිනක දරුවන් දැක තිබුණේ නැහැ.

ඒ වගේම සරසවියේ බොහෝ සිසු සිසුවියන් ඇයගේ අභාවය ගැන අසා බොහෝ කම්පනයට පත් ව ඇත.

මින් පෙර මෙම කථිකාචාර්‍යවරිය සිය මුහුණුපතට තම දරුවන් ගැන මව් සෙනෙහස ගැන අපූරු නිසදෙසක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා

"පැල්පතෙත් මැදුරෙත් එකසේ ඇගෙ ළයෙහි ඉපදුණු පෙමය සම්මා

දෙතනේ කිරිදී පුතු වැඩෙද්දී ගැලූ සතුටට නොවේ නිම්මා .

 ඈ නොනැගී මං පුතු නගිනු දැක සිතින් රන්-මිණි කිරුළ දැම්මා ..

ලොවක් මැද පුතු තනිවුණාද දැක මරණිනුත් නැගිටීය අම්මා...."

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලයම මේ වනවිට බොහෝ කනස්සල්ල්ට පත්ව තිබේ.

ඇයගේ නිර්ව්‍යාජ සිනහව බොහෝ දෙනෙක්ගේ මතකයේ රැදී තිබෙන අපූරු සිනහවකි. එහෙත් කනාගටුවනම් සිනහව අපට ආයෙ දකින්නට නොලැබීමයි.

ආදරණීය දරුවෙකු මුහුණුපතට එක්කළ වීඩියෝවක් 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments