Ticker

6/recent/ticker-posts

අමරකීර්ති නඩුවේ අවසාන විනිශ්චය - 12කට ලැබුනු හිතාගන්න බැරි දඩුවම

 


අරගලය පැවති 2022 වසරේ මැයි 9 වනදා පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝා#නය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට ම#ණ දඬුවම නියම කෙරුණි.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මෙම නියෝගය ලබා දුනි.

මෙම නඩුව වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ අතර, සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අරගලය පැවති 2022 මැයි 9 වැනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී ජයන්ත ගුණවර්ධන මහතා අරලිය ගහ මන්දිරයේ ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ නිවස බලා යමින් සිටියදී, නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාකරුවන්ගේ පිරිසක් විසින් මෝටර් රථයට පහර දී ඔවුන් දෙදෙනාට අමානුෂික ලෙස පොලු මුගුරුවලින් ප#රදී ඝා#නය කළහ. මෙම පහරදීම CCTV කැමරාවල සටහන් වී තිබිණි.

සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝා#න විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමෙන් පසු, 41 දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී.

මූලික නඩු කටයුතු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමෙන් පසු, නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා 14ක් යටතේ නඩු පවරන ලදී.

නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ මඬුල්ලක් පත් කෙරිණි.

විත්තිකරුවන් 41 දෙනාගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරතුර මිය ගොස් ඇති අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මඟහැර පලා ගොස් ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග විය. ඉකුත් ජනවාරි 14 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටි විත්තිකරුවන් 37 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් තීන්දුව පෙබරවාරි 11 දිනට කල් තැබුණි.

මෙම තීන්දුව 2022 අරගලයේ සමයේ සිදු වූ ප්‍රචණ්ඩත්වය හමුවේ ඇති වූ බරපතල ඝා#න සිද්ධියකට එරෙහිව රජයේ ගත් දැඩි පියවරක් ලෙස සැලකේ. ම#ණ දඬුවම නියම වූ 12 දෙනාගේ නම් සහ විස්තර තවදුරටත් නිල වාර්තා මගින් තහවුරු වනු ඇත.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments