කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (09) ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව දක්වා තිබේ. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම මේ වන විට දිවයින පුරා වියළි කාලගුණික තත්ත්වයක් ද දැක ගත හැකි වීම විශේෂයි.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments