බොරැල්ලේ කාසල් වීදිය කාන්තා රෝහල කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඔන්න දැන් ඒ රෝහලට අවුරුදු 75ක් සපිරෙනවලු.
ඉතින් ඒ නිමිත්තෙන් හරි අපූරු වැඩක් ලෑස්ති කරලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.
කාන්තාවන්ට විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට දැනගන්න ගොඩක් වටිනා "වෛද්‍ය ප්‍රදර්ශනයක්" අද (12) ඉඳන් කාසල් රෝහල් පරිශ්‍රයේදී ආරම්භ වෙලා තියෙනවා.
අපි හැමෝම දන්නවා දරුවෙක් හම්බෙන එක කොච්චර නම් වාසනාවක්ද කියලා. අන්න ඒ පිටුපස තියෙන විද්‍යාව ගැන තමයි මේ ප්‍රදර්ශනයේදී කියල දෙන්නේ. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන විදිහට මේ දේවල් මෙතනදී බලාගන්න පුළුවන්.
ගොඩක් දෙනෙක් රහසින් කතා වෙන "නළ දරු" උපත් ක්‍රියාවලිය ඇත්තටම වෙන්නේ කොහොමද? දරු සම්පත් ප්‍රමාද වෙන අයට තියෙන අලුත්ම විද්‍යාත්මක විසඳුම් මොනවාද?Laparoscopic ඔපරේෂන් ගැන පුදුම හිතෙන තොරතුරු. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන ඒ උතුම් ක්‍රියාවලියේ නවීන තාක්ෂණික පැත්ත.මෙහිදී කරුණු දැන ගන්න පුළුවන්.
අද (12), හෙට (13) සහ අනිද්දා (14) පුරාම උදේ 9.00 ඉඳන් හවස 4.00 වෙනකල් මේක තියෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ...
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments