නුවර වැවේ මළසිරුරක් පාවෙයි - මොකක්ද අභිරහස

 


මහනුවර සඟරාජ මාවත අසල වැවේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරරක් හමුවූ බව මහනුවර පොලිසිය වාර්තා කර ඇත.

සඟරාජ මාවතේ සංඝරාජ පිරිවෙන් නේවාසිකාගාරය ඉදිරිපිට නුවර වැවේ තිබියදීයි මෙම මළ සිරුර හමුවී ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.

සිද්ධිය වු ස්ථානයට මහනුවර හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා පැමිණ පරීක්ෂණ සිදු කළ අතර පසුව මළ සිරුර මහනුවර ජාතික රොහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියම කර ඇත.

මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහද එම ස්ථානයට පැමිණ අවශ්‍ය නිතිමය කටයුතු සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post